විශ්ව විද්‍යාල නවක වදයට එරෙහිව නීති පියවර ගන්නවා - ඇමති බන්දුල

ජන 10, 2020

    විශ්වවිද්‍යාල තුළ නවක වදය සිදු කරන සිසුන්ට එරෙහිව නීතීමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නවක වදයට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සිසුවෙකු බැලිමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    නවක වදය හේතුවෙන් මෙසේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවෙකි.

    සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබිමේ නිදහස තිබිය යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරනය කළේය. ඒ අනුව නවක වදය ලබදුන් සිසුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් සැමට නිතිය සමාන විය යුතු බවත් ඔහු කියා සිටියේය.

    Latest News