මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසීමට නියමිතයි. ඒ අනූව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ ආනයන, අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස වංවර්ධනයට පියවර ගෙන තිබේ.

ගුවන් භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිමට අදාලව ගුවන් සමාගම්,ගුවන් භාණ්ඩ ප්‍රවාහන,ගුවන් භාණ්ඩ අපනයන සමාගම් වලට අයත් විවිධ නියෝජිතයින් පිරිසක් මත්තල ගුවන් තොටුපොලෙහි විශේෂ සංචාරයක් සදහා ඊයේ (12) පැමිණියේය.  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 298ක් අද මෙරටට පැමිණි තිබේ.

අද පෙරවරු 6.00ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් A 330 වර්ගයට අයත් UL 226 දරණ ගුවන් යානය මගින් මෙම පිරිස ගෙන එනු ලැබීය.

ඉදිරි වසර දෙක සඳහා මත්තල ගුවන්‌ තොටුපොලට පැමිණෙන සහ නවතා තැබෙන ගුවන්‌ යානා ගුවන්‌ තොටුපොල බද්දෙන්‌ නිදහස්‌ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අන්තර්ජාතික ව්‍යාපාරික හා වාණිජ ගුවන්‌ සේවාවන්ට රත්මලාන හා මත්තල ගුවන්තොටුපොලවලදී ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු පහසුකම්‌ සැපයීමට සිවිල්‌ ගුවන්සේවා අධිකාරය තීරණය කර තිබෙනවා.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළවලට, ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අධානය යොමුව තිබේ. එම ගුවන් ගමන් අරඹන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

අමාත්‍ය දයා ගමගේ මහතා අද 2015-2018 වර්ෂවල දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂ ලබා දුන්නේය.

Latest News