ගුවන් සමාගම් හා ගුවන් භාණ්ඩ අපනයනකරුවන් පිරිසක් මත්තලට

සැප් 12, 2020

    ගුවන් භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිමට අදාලව ගුවන් සමාගම්,ගුවන් භාණ්ඩ ප්‍රවාහන,ගුවන් භාණ්ඩ අපනයන සමාගම් වලට අයත් විවිධ නියෝජිතයින් පිරිසක් මත්තල ගුවන් තොටුපොලෙහි විශේෂ සංචාරයක් සදහා ඊයේ (12) පැමිණියේය.  

    මෙම සංචාරය සදහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනකරුවන් හා අපනයනකරුවන් පිරිසක් මෙන්ම ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සේවා සමාගම් 25කට අයත් නියෝජිතයින් පිරිසක් මෙලෙස මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේය.

    දේශිය එළවලළු පළතුරු හා දේශීය ඇගළුම් ඇතුළු භාණ්ඩ විදෙස් රටවලට අපනයනය කිරිමේදි ඒ සදහා අවශ්‍ය පහසුකම් පිළිබඳව විමසීම මෙහිදී සිදුකෙරිණ.

    මෙහිදී සංචාරය සදහා පැමිණ සිටි නියෝජිතයින් හා ගුවන් තොටුපොල බළධාරීන් අතර විශේෂ සාකච්ජා කිහිපයක්ද පැවත්විණ.

    එහිදී මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල යොදාගනිමින් ගුවන් භාණ්ඩ අපනයනයේ දී අපනයන කරුවන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් හා මත්තල ගුවන් තොටු පොල ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් නොමැති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් පැමිණ සිටි නියෝජිතයින් ගුවන් තොටුපොල බළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

     

    ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා...

    "මත්තල ගුවන් තොටුපොලේ ගුවන් භාණ්ඩ පර්යන්තය ඉදිරියේදී කොහොමද අපි භාවිතයට ගන්නේ හා කොහොමද එය ඉදිරියේදී සංවර්ධනය කරන්නේ කියන එක පිළිබදව ගුවන් භාණ්ඩ ප්‍රවාහන හා අපනයන කරුවන් වගේම ගුවන් සේවා නියෝජිතයින් දැනුවත් කිරිමයි අද දින සිදු වුනේ.

    අද සංචාරය සදහා එකතු වුණ නියෝජිතයින් මෙහි සංචාරයෙන් පසු ඉදිරියේදී ඒ අයගේ ගුවන් යානා මේ ගුවන් තොටුපොලට ගෙන්වා ගැනීම තමයි අපේ අරමුණ. අද අපනයන සමාගම් 10ක පමණ නියෝජිතයින් හා ගුවන් සේවා සමාගම් 25ක පමණ නියෝජිතයින් පැමිණිලා ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අය මත්තල හරහා සිය ගුවන් භාණ්ඩ අපනයනය කරාවි කියලා. මත්තල ගුවන් තොටුපොල යොදාගෙන ගුවන් භාණ්ඩ මෙහෙයුම් කරන සමාගම් වලට දෙන්න පුළුවන් සියළුම සහන ලබා දිමටත් අපි ඉදිරියේදි කටයුතු කරනවා" යැයි පැවසීය.

     

    සළාම් එයා ගුවන් සේවයේ සහකාර ගුවන් තොටුපොල කළමණාකරු රවී ද සිල්වා මහතා....

    "මත්තල ගුවන් තොටුපොල යොදාගනිමින් පසුගිය 16 වැනි දින අපි ප්‍රථම ගුවන් භාණ්ඩ තොගය මත්තල ගුවන් තොටුපොලේ සිට ඕමානයේ මස්කට් නුවර බලා රැගෙන ගියා. එහිදී අපට මත්තල ගුවන් තොටුපොලෙන් ලැබුණු සහයෝගය ඉතා විශාලයි. කිසිදු තදබදයකින් තොරව ඉතා පහසුවෙන් අපට එම කටයුත්ත මත්තලින් කරන්න පුළුවන් කම තිබුණා. ඒ නිසා සළාම් ගුවන් සේවය වගේම තායි ගුවන් සේවය ඉදිරියේදී සිදුකරන සියළු ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල යොදා ගනිමින් සිදු කිරීමට බලා පොරොත්තු වෙනවා" යැයි පැවසිය.

    මේ අවස්ථාව සදහා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර, එහි අලෙවි කළමනාකරණ හා සන්නිවේදන ප්‍රධානී සුමිත් ද සිල්වා, ගුවන් භාණ්ඩ කළමණාකරණ ප්‍රධානී රජත මැදවැව හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන නියෝජිතයින් හා එළවළු පළතුරු අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 09:10

    Latest News