මත්තල ගුවන්තොටුපොළ, ආනයන අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස

දෙසැ 22, 2020

    මත්තල ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ ආනයන, අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස වංවර්ධනයට පියවර ගෙන තිබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ඒය වැඩි දියුණු කිරීමට අමතරව මේ පියවර ගන්නා බවයි.

    කොවිඩ් වසංගතය රට තුළ පැතිරයාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සක්‍රීය ගුවන තොටුපලක් බවට පත් කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කෙරිණ. සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමඟ යළි ඒම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ගුවන් තොටුපළ ආශ්‍රිතව විදේශීය ආයෝජන අවශ්‍යතා පුළුල් කිරීම, කෘෂි කේෂ්ත්‍රයේ වගාකරුවන් හඳුනාගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කරගැනීම සහ භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම විශේෂ අවධානය යොමුව ඇති අංශ කිහිපයක්.

    Latest News