තවත් ලාංකිකයින් 298ක් මත්තලින් දිවයිනට

ජූලි 09, 2020

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 298ක් අද මෙරටට පැමිණි තිබේ.

    අද පෙරවරු 6.00ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් A 330 වර්ගයට අයත් UL 226 දරණ ගුවන් යානය මගින් මෙම පිරිස ගෙන එනු ලැබීය.

    පැමිණි පිරිසට කුඩා ලමුන් 13 දෙනෙකු ද ඇතුලත් වෙයි. සියලු දෙනාම ගුවන් තොටුපත පරිශ්‍රය තුලදීම PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව වාද්දුව ප්‍රෙද්ශයේ නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 10:09

    Latest News