රත්මලාන හා මත්තල ගුවන්තොටුපොලවලදී ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු පහසුකම්‌

මැයි 23, 2020

    අන්තර්ජාතික ව්‍යාපාරික හා වාණිජ ගුවන්‌ සේවාවන්ට රත්මලාන හා මත්තල ගුවන්තොටුපොලවලදී ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු පහසුකම්‌ සැපයීමට සිවිල්‌ ගුවන්සේවා අධිකාරය තීරණය කර තිබෙනවා.

    එය සිදු කෙරෙන්නේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ නීතිරීති මධ්‍යයේයි.

    කොරෝනා වෛරස්‌ ව්‍යාප්තියෙන්‌ අභිතකර බලපෑමට ලක්‌ වූ අන්තර්ජාතික ගුවන්‌ ගමන්‌ ක්ෂේත්‍රය මේවන විට ක්‍රමයෙන්‌ මෙහෙයුම් ආරම්භ කරමින්‌ සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම විශේෂයෙන්‌ අවධානයට ලක්‌ වූ කරුණක්‌. දකුණු ආසියාවේ ගුවන්‌ මාර්ග කේන්දුයේ පිහිටි හී ලංකාව මෙහිදී විශේෂ අවධානයට ලක්වූ රාජ්‍යයක්‌.

    කොරෝනා වෛරස්‌ ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම ද විශේෂයෙන්‌ අන්තර්ජාතික සැලකිල්ලට ලක්ව තිබෙනවා. හුවමාරු කුමවේදය සඳහා පැමිණෙන ගුවන්‌ සේවක කණ්ඩායම් සඳහා දැඩි සෞඛ්‍ය නීතිරීති මාලාවක්‌ ප්‍රකාශයට පත්කිරීමට සිවිල්‌ ගුවන්‌ සේවා අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව පියවර ගත්තා. සෑම ගුවන්‌ සේවකයෙක්ම කොරෝනා වෛරස්‌ ආසාදනයෙන්‌ තොර බවට සහතිකයක්‌ ඉදිරිපත්‌ කළ යුතු අතර ඔවුන්‌ විශේෂ නිරෝධායන ක්‍රමයක්‌ යටතේ රැඳී සිටිය යුතුයි. බාහිර සමාජය හා සම්බන්ධවීමට ඔවුන්ට කිසිඳු ඉඩක්‌ හිමිවන්නේ නැහැ. ඔවුන්‌ ප්‍රවාහනය සඳහා ද විශේෂයෙන්‌ වෙන්‌ කළ රථ යොදා ගැනීමට නියමිතයි.

    Latest News