ඉදිරි වසර දෙක සඳහා මත්තල ගුවන්‌ තොටුපොලට අදාළව බදු සහන

ජූනි 04, 2020

    ඉදිරි වසර දෙක සඳහා මත්තල ගුවන්‌ තොටුපොලට පැමිණෙන සහ නවතා තැබෙන ගුවන්‌ යානා ගුවන්‌ තොටුපොල බද්දෙන්‌ නිදහස්‌ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    එමෙන්ම, ගුවන්‌ මගීන්‌, ගුවන්‌ තොටුපොල බද්දෙන්‌ ද නිදහස්‌ කිරීමට නියමිතයි.

    මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. 2015ට පෙර මෙම ගුවන් තොටුපළ ක්‍රියාකාරී තත්වයේ පැවතුණා. එකල ශ්‍රී ලන්කන්‌, ඩුබායි, අරාබි වැනි ගුවන්‌ සමාගම්වල මෙහෙයුම්‌, ක්‍රියාත්මක කෙරුණා. එහෙත්‌, 2015 න්‌ පසු ගුවන්‌ යානා මත්තලට පැමිණීම අත්හිටුවනු ලැබුවා. 2014 වසරේ දී මත්තලින්‌ සේවා සැපයූ ගුවන්‌ මගීන්‌ සංඛ්‍යාව 40,386 ක්‌. එහෙත්‌ 2019 වසරේ එම ගුවන්‌ තොටුපොළින්‌ සේවාව ලබාගත්‌ මගීන්‌ සංඛ්‍යාව 1,536 ක්‌ පමණයි. එමෙන්ම, 2014 වසරේ දී මෙට්‍රික්‌ ටොන්‌ 214 ක භාණ්ඩ මෙහෙයුම්‌ මත්තල ගුවන්‌ තොටුපොළ ඔස්සේ ,සිදු කෙරුණා. පසුගිය වසරේ භාණ්ඩ මෙහෙයුම්‌ කිසිවක්ම සිදුව නොමැති බවයි, සංචාරක හා ගුවන්‌ සේවා අමාත්‍යංශය සඳහන්‌ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූනි 2020 20:28

    Latest News