විදෙස් රටවල් බොහෝ සංඛ්‍යාවකින් රැකියා අවස්ථා රැසක් ලැබී ඇතත්, එම ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මැලේසියානු රැකියා ‍දස දහසක් මෙරටට ලබා ගැනීම සඳහා වන ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට නියමිත බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

රුමේනියාවේ නව රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින රුමේනියා තානාපති Victor CHIUJDEA මහතා අතර හමුවක් විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී තිබේ.

මැලේසියාවේ රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරටදී කඩිනමින් ආරම්භ කිරීම සදහා පියවර ගනිමින් සිටී.

මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව පැවසූ කමිකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි ඔහු විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

Latest News