මැලේසියානු රැකියා ‍10,000ක් මෙරටට

සැප් 23, 2022

    මැලේසියානු රැකියා ‍දස දහසක් මෙරටට ලබා ගැනීම සඳහා වන ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට නියමිත බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

    මෙරටට දැඩි විදේශ විනිමය අර්බුදයක් මතුව ඇති අවස්ථාවක, මැලේසියාව ගත් මෙම ක්‍රියාමාර්ගය වෙනුවෙන් රටක් ලෙස අප සියලු දෙනාගේම ස්තුතිය පිරිනැමිය යුතු බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ.

    එම රැකියා ලබා දීම සම්බන්ධයෙන් ‍අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ මෙරට මැලේසියානු මහ කොමසාරිස් ඩටෝ ටැං යංග් ටායි මහතා අතර, ඊයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අදාළ ගිවිසුමට අත්සන් තැබීම සඳහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය ඩටුක් සෙරි එම් සර්වනන් මහතා, ‍එරට කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ‍ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සමග ලබන ඔක්තෝබර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිත අතර, රැකියා 10,000 ට අදාළ වන ක්‍ෂේත්‍ර හා වැටුප් ඇතුළු කරුණු රැසක් පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතයි. මෙතෙක් කල් මැලේසියානු රැකියා අවස්ථා බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවලට පමණක් විවෘතව තිබූ බව පවසන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, මෙරටට ද එම රැකියා අවස්ථා ලබා දීම සුවිශේෂි වන බව කියා සිටිනවා.

    Latest News