රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව

ජූනි 07, 2022

    විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී තිබේ.

    එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග ඊයේ (6) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සදහා වන කඩිනම් වැඩසහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍යසේවකයින්ට විදේශ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නාබව ඇමැතිවරයා පැවසුවේය.

    රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍යපරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමතිවරයාකියා සිටී.

    රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේදී, ඔවුන්ට අවශ්‍ය රැකියා අවස්ථාවන් සොයා ගැනීමේදීවිදේශ රැකියා නියෝජිත ආයතන සදහා විශාල කාර්යභාරයක් පැවරෙන බවද හෙතෙමවැඩිදුරටත් පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    "රාජ්‍ය සේවයේ නියුතු අය සදහා විදේශ රැකියා සදහා අවස්ථා ලබාදෙනවා. රාජ්‍යසේවකයාගේ ජ්‍යෙෂ්ඨත්වයට, විශ්‍රාම වැටුපට බල නොපාන අයුරින් ඔවුන්ට විදේශ ගතවීමටඅපි අවස්ථාව ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශ සමග අපි සාකච්ඡා කරලාඅවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු කරනවා.

    එහිදී රාජ්‍ය සේවකයින්ගෙන් විදේශ රැකියා සදහා පිටත් කරන්නේත් ඔවුන් විදේශ රැකියාගත කිරීම භාරවන්නේත් විදේශ රැකියා නියෝජිත ආයතනවලටයි. ඒකට අවශ්‍ය රැකියාවෙළදපොල සොයාගෙන ඔවුන් විදේශ ගත කිරීමේ වැඩපිළිවෙලට සහාය ලබාදෙන්න.

    විදේශ ගත වීමට කැමැති රාජ්‍ය සේවකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ්අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා . ඒ ඒ රැකියාඅවස්ථාවන් ගැන මෙන්ම ඒ සදහා තිබිය යුතු සුදුසුකම් ඉදිරියේදී එම වෙබ් අඩවියේමප්‍රසිද්ධ කරනවා.

    විදේශ ගතවීමට කැමැති රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු අපි විදේශ රැකියා නියෝජිතආයතන සමග හුවමාරු කරගැනීමටත් කටයුතු කරනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශරැකියා සෙවීමේ වගකීම නියෝජිත ආයතනවලට පැවරෙනවා.

    මුළු රටේම විදේශ ගතවීමට රාජ්‍ය සේවකයින් කැමැත්තෙන් සිටියදී, එයට අවශ්‍ය සහායලබාදෙන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයසහ විදේශ රැකියා නියෝජිත ආයතනයි. ඒ සදහා ඔබට ලබාදිය හැකි උපරිම දායකත්වයලබාදෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

    මුලු රටේම විදේශ ගත විමට රාජ්‍ය සේවකයින් කැමැත්තෙන් සිටියදී, එයට සහායලබාදෙන්නේ ඔබලා. ඒ ජාතික වගකීමටත් ඔබගේ දායකත්වය ලබාදෙන්න යැයි කීය.

    Latest News