විදෙස් රැකියා අවස්ථා ඉල්ලුමට සැපයුමේ ගැටලුවක් - ඇමති මනූෂ

අප්‍රේ 18, 2023

    විදෙස් රටවල් බොහෝ සංඛ්‍යාවකින් රැකියා අවස්ථා රැසක් ලැබී ඇතත්, එම ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය සහ වෘත්තිය පුහුණු අධිකාරිය අතර, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට අද එක්වෙමින්.  මෙම අවබෝධතා ගිවිසුම අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය ලබා දෙන නිර් ණායකයන්ට අනුව, විදෙස් රැකියා සඳහා අවශ්‍ය නිපුනතාවන් සහිත වෘත්තිකයින් පුහුණු කෙරෙනවා. .

    ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තිය සුදුසුකම් සහතික සහ අනෙකුත් වෘත්තිය සහතික ලබාදීම සිදු කෙරෙන්නේ, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය මගින්. විදෙස් රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තිය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාව ලබාදීමට අපේක්ෂිතයි.

    Latest News