රැඩිකල් මතවාදයක් ශ්‍රී ලාංකීය දේශපාලනයට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළවැනි ගුණසමරුව අදට යෙදී තිබෙනවා.  දශක තුනකට අධික කාලයක් මැති සබය නියෝජනය කළ සමරවීර මහතා, මෙරට දේශපාලනයේ පෙරලිකාර චරිතයක්. 

කොව්ඩ් 19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා අද උදේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන අවස්ථාවක මංගල සමරවීර මහතා ඇතුළු විපක්‍ෂයේ ඇතැම් පිරිස් උත්සාහ දරන්නේ රට අස්ථාවර කිරීමට බව ආණ්ඩු පක්‍ෂයේ මැති-ඇමතිවරුන් පවසයි.

තිරිගු පිටි මිල ඉහළ දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ අද (15) මාතර දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සංශෝධන සහිතව සම්මත කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල සිදු කෙරුණු හදිසි සෝදිසි කිරීම් සිතා මතා ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බලන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ව්‍යාජ තොරතුරු ජනගත කිරීමට නැ‍ඟෙනහිර යුරෝපයෙන් තාක්ෂණය ලබාගෙන කෝටිපති ව්‍යාපාරිකයකු හා පොහොට්ටුවේ දේශපාලනඥයකු ක්‍රියා කරන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා වෙත නියෝග කර තිබේ.

මංගල සමරවිර පෙදෙස යනුවෙන් ලියාපදිංචි වී ඇති මාතර,කිරින්ද,පුහුල්වැල්ල ප්‍රදේශයේ ගම්මානයක නව වෙනස් කිරීම සඳහා කිරින්ද ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

සියලු අන්තවාදීන්ට, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ “අවෛරයේ හෝරාව” වැඩසටහන මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ (10) පැවැත්විණි.

Latest News