අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම අද (14) ආරම්භ කෙරිණ.

ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන රාජකාරීමය කටයුතු වල ස්වභාවය අනූව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුනට සහභාගී වීමට හේතු වන බැවින් කොවිඩ් වෛරස අවධානම ඇතිවන කණ්ඩායමක් වන මාධ්‍යවේදීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් ජී විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

(වීඩියෝ)

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමග ඊයේ රාත්‍රී සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ගුවන් මගීන් 330 දෙනෙක් පැමිණ තිබේ.

ගාල්ල, හබරාදූවේ ස්වාධීන් මාධ්‍යවේදියෙකුට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ රාත්‍රී පහරදී තිබේ.

වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනකු සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අතුරුදන් වූ සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ට පුෂ්පෝපහාර දැක්වීමක් අද සිදු කෙරිණ.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සදහා සම්පුර්ණයෙන්ම නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය කථානායක කරු ජයසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට විවෘත කෙරේ.

Latest News