මාධ්‍යවේදීන්ට අද සිට පාර්ලිමේන්තුවේ අළුත් තැනක්

සැප් 30, 2019

    පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සදහා සම්පුර්ණයෙන්ම නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය කථානායක කරු ජයසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට විවෘත කෙරේ.

    අංගසම්පුර්ණ ගුවන්විදුලි හා රූපවාහිනි මැදිරියක්ද මෙම නවිකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත්වෙයි.

    ඊට අමතරව තම ආසනයේ සිටම පාර්ලිමේන්තු රැස්වීම් සහ කමිටු රැස්වීම් ආවරණය කිරීමේ පහසුකම් මාධ්‍යවේදීන්ට සලසා තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි. නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩයිකලනාදන් හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරු ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට එක්වෙති.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 10:00

    Latest News