සංචාරකයින් හා මාධ්‍යවේදීන් 330ක් දිවයිනට (වීඩියෝ)

ජන 22, 2021
  • (වීඩියෝ)

    ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමග ඊයේ රාත්‍රී සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ගුවන් මගීන් 330 දෙනෙක් පැමිණ තිබේ.

    අප වාර්තාකරු ප්‍රකාශ කළේ, විදෙස් සංචාරකයින් හා මාධ්‍ය‍වේදීන් පිරිසක් ද ඒ අතර වන බවයි. මෙම පිරිස පැමිණ ඇත්තේ,බහරේන් දෝහාකටාර්,ජපානය,නෙදර්ලන්තය,ජර්මනිය සහ ඩුබායි යන රටවල සිටයි.

    ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙක් ද මේ අතර වෙයි. සෙසු පිරිසට විදෙස් සංචාරකයන් දස දෙනෙකු හා ජර්මනියේ සිට පැමිණි මාධ්‍යවේදීන් 5 දෙනෙක් ඇතුළත්.

    බහරේන් සිට ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙක්, දෝහකටාර්හි සිට 36 දෙනෙක් සහ ජපානයේ සිට ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙක් ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය. සියලුදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගවලට අනුකූලව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on සිකුරාදා, 22 ජනවාරි 2021 23:58

    Latest News