හෙට (04) දිනයේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබනෙවා.
76 වන ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වැනිදා ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්. එහි පෙරහුරු අද ආරම්භ වුණා.

74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ.

වෙනිසියුලාව ඊයේ තම 210 වැනි නිදහස් දින උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

අපේ මබ්මිව යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් සපිරෙනවා. නිදහස දිනා ගැනීම සදහා විවිධ කැපකිරීම් කළ සිංහල,දමිල,මුස්ලිම්,මැ‍ලේ බර්ගර් වැනි විවිධ ජන ‍කොටස්වලට අයත් සියලුම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා, යැයි 73 වැනි නිදහස් සමරු උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

බටහිර යටත් විජිතකරණයෙන් ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා අදට වසර 73ක් සපිරෙයි. අද දින සිහිකෙරෙනුයේ ඒ අභිමානවත් නිදහස් දින සැමරුමයි. අද දින (4) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල චාම් සහ අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින සැමරුම් පෙරහුරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

73 වන නිදහස් සමරුව වෙනුවෙන් අනිද්දා (01) සිට ලබන 07 වන දක්වා නිවෙස්, ව්‍යාපාරික ස්ථාන, රජයේ සහ පෞද්ගලික කාර්යාල මෙන්ම රථවාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

73 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4 වැනිදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Latest News