නිදහස් දින සැමරුම නිමිත්තෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් (වීඩියෝ)

පෙබ 03, 2021
  • නිදහස් දින සැමරුම් පෙරහුරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මාධ්‍යයට එකෙන් ද අදහස් පළ කළා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන....

    "නිදහස් උත්සවයේ අවසාන පෙරහුරුව අද දින කොළඹ නිදහස් චතුරශ්‍ර ආශ්‍රිතව පැවැත්වෙනවා. මේ නිසා උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත ආසන්න ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා වෙනවා. එ වගේම හෙට දිනයේත් උදෑසන 4 සිට දහවල් 1.00 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා.

    මේ නිසා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ වට රවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා. ඒ්වගේම පුස්තකාල වටරවුම glass house හරහා නිදහස් මාවතට පැමිණෙන වහාන සීමා වෙනවා. මේ නිසා අනිවාර්යෙන්ම ඒ මාර්ග ගමන් කරන අය විකල්ප මාර්ග තෝරා ගත යුතුයි. මීට අමතරව නිදහස් චතුරශ්‍රය නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනය සීමා වීමට නියමිතව තිබෙනවා. අපි රථවාහන රාජකාරි භාර නිලධාරීන් යොදවා තිබෙනවා. පුවරු තබා තිබෙනවා. එම පුවරු වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනවා. ඒ වගේම අදාළ නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න"

    Latest News