73 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් (වීඩියෝ)

පෙබ 03, 2021
  • 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල චාම් සහ අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

    ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් නිදහස් චතුරස්‍රයේ දී ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමියන් ගේ ආශිර්වාදයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සංවිධාන කළා. එය පැවැත්වුවේ ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

    මරදානේ ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙන් විහාරස්ථානයේ දී අද උදෑසන සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පිංකම සංවිධානය කරන ලද්දේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින්.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 23:07

    Latest News