72 වැනි නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජිං පිං සුභ පැතුම් එක් කරනවා.

ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

72 වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වේ.

නිදහස ලබා ගැනීමත් ඒ නිදහස රැක ගැනීමත් යනු වෙන්වෙන්ව ගත යුතු කරුණු දෙකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අභිමානවත්  72 වැනි ජාතික දිනය අදයි.  එහි ප්‍රධාන සැමරුම් උත්සවය, නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. උත්සවය, සජීව ලෙස විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු යොදා තිබේ.

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

72 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. "සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්" මෙවර නිදහස් දින තේමාවයි.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය මෙහිදී ජනතාවට ප‍්‍රදර්ශනය කිරීම සිදුකෙරේ.

ජාතික පුනර්ජීවනය ඇති කිරීමට අත්‍යවශ්‍ය වන ප්‍රගතියට එරෙහිව සිටින, පොදු සතුරා වන දුගීභාවය සහ දූෂණය මුලිනුපුටා දැමීමට සියල්ලන් එක්සිත්ව ක්‍රියා කළ යුතු බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

Latest News