නිදහස් දින පෙරහුරු ඇරඹේ කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

ජන 30, 2024
    76 වන ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වැනිදා ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්. එහි පෙරහුරු අද ආරම්භ වුණා.

    මෙවර නිදහස් සැමරුමේ පෙළපාළි සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ජාතික ශිෂ්යභට බලකාය, විශ්රාමික රණවිරුවන් හා විවිධ අවශ්යතා සහිත රණවිරුවන් එක් වනවා.

    මෙවර පෙළපාලියේ අණ දෙන්නා ලෙස ක්රියා කරන්නේ, ආසියානු මධ්ය ආඥාපති හා විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ මහතා යි.
     
    දෙවැනි අණ දෙන්නා ලෙස 14 වැනි පාබල සේනාංකයේ නියෝජ්ය සේනාංකාධිපති බිගේඩියර් උපුල් කොඩිතුවක්කු මහතා ක්රියා කරනවා.
     
    ත්රිවිධ හමුදා සම්මාන මුරයක් ද මෙහිදී පැවැත්වෙනවා. සන්හා සන්නද්ධ පෙළපාලියක් ද මිට අයත්.
     
    පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබන අද සිට පෙබරවාරි මස 2 වැනි දින දක්වා පෙරවරු 6 සිට දහවල් 12 දක්වාත් පෙබරවාරි මස 3 වැනි දින පස්වරු 2 සිට පෙබරවාරි මස 4 වැනි දින උත්සවය අවසන් වන වේලාව දක්වාත් එම විශේෂ රථ වාහන සැලැස්ම ක්රියාත්මක කෙරෙනු ඇති.
    Last modified on අඟහරුවාදා, 30 ජනවාරි 2024 09:40

    Latest News