තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය අතට

අප්‍රේ 16, 2020

    කොරෝනා ආසාදිතව සිටි තවත් තිදෙනෙක් අද (16) දින සුවය ලබා ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 238ක් මේ වන විට වාර්තා වී ඇත. අද සවස 5.00 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවු බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

    රෝගීන් 163 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 18:15

    Latest News