මෙරට සුවය ලැබූ පිරිස 232ක්

මැයි 08, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අද වන විට 232 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 583ක්. කොරෝනා රෝගය වැළදී ඇති බවට ඊයේ 27 දෙනෙකු තහවුරු කර ගනු ලැබූ අතර ඉන් 25 දෙනෙකු ආරක්ෂක අංශ නිලධාරීන්. තවත් එක් රෝගියෙකු ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ පවුලේ වයස අවුරුදු එකකට වැඩි පවුලේ බිළිඳෙකු බව, සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    අනෙක් රෝගියා හඳුනාගෙන ඇත්තේ, ඩුබායි සිට ඊයේ මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන්. ඔහු උණ රෝගී තත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ පීසීආර් පරික්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, ඔහුට කොවිඩ් - 19 රෝගය වැළඳී ඇති බවටයි.

    Latest News