සුවය ලැබු ආසාදිතයින් ගණන 100ක්

අප්‍රේ 21, 2020

    කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබේ. අද (21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 14:38

    Latest News