වරකාපොළින් හඳුනාගත් ආසාදිතයා IDH රෝහලට

අප්‍රේ 22, 2020

    වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගැනුණ කොරෝනා ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

    එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    කටුනායක ගුවන් තොටුපලේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පසුගියදා පියවර ගැනිණ.

    අදාල නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැත. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 09:44

    Latest News