තවත් ආසාදිතයින් 16කට සුවයි

මැයි 22, 2020

    අද (22) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක්. මෙරටින් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 1055ක් හඳුනාගෙන තිබේ. ඊයේ (21) දිනය තුළ නව ආසාදිතයින් 27ක් හඳුනා ගැනිණ. ඉන් 15ක් ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් වෙයි.

    තවත් පුද්ගලයෙක් කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයෙක්. සෙසු 11 දෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි.

    ඒ අනූව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 426 ක්.

    Latest News