කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අල්ලයි 

පෙබ 23, 2019

    ඩුබායි අත්අඩංගුවේ සිටින හෙරොයින් ජාවාරම්කරු කංජිමානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන නවුෆර් මොහොමඩ් අලී කොලොන්නාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම්10 මිලිග්‍රෑම් 480ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    50 හැවිරිදි සැකකරු සාලමුල්ල පාර, කොලොන්නාව ලිපිනයේ පදිංචිකරුවෙක්. වැටලීම සිදුකළේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරු ඊයේ දින (23) අළුත්කඩේ අධිකරෟණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 10:05

    Latest News