ලක්ෂ 7ක හෙරොයින් මෝදර නිවසකින්

ජූනි 04, 2019

    මෝදර, ජයගත්පුර ප්‍රදේශයේ නිවසක හෙරොයින් අළෙවිකරන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී ලක්ෂ 7 පමණ වටිනා හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ජාවාරම කරන පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදි හෙරොයින් හමුනොවු අතර පසුව ලද තොරතුරකට අනූව යාබද නිවස පරීක්ෂා කිරීමේදි එම නිවසේ කාන්තාවක් සන්තකයේ තිබී මෙම හෙරොයින් පැකට් 500 අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රධාන ජාවාරම්කරු මේවන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේවන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.පානදුර ,මොරටුව ,මෝදර, සරික්කාලිමුල්ල ප්‍රදේශවලට මෙම හෙරොයින් අලෙවිකර ඇති බවට තොරතුරු ලැබී තිබේ. සැකකාර කාන්තාව අද දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 07:28

    Latest News