හෙරොයින් ජාවාරම්කළ ආබාධිත සෙබළාට ජිවිතාන්ත සිරදඬුවමක්

ජූනි 20, 2019

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඇසක් ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කොට ලැබීය. 2013 වසරේ අගෝස්තු මස 09 වනදා කොළඹ ,ඇන්ඩ්‍රෘ වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තාච්චි කර්මාන්තශාලාවක් අසලදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 13:56

    Latest News