කඹුරාපොළ දී හෙරොයින් 10ක් අල්ලයි

පෙබ 28, 2019

    කුරුණෑගල පොලිස් වසමට අයත් හෙට්ටිපොළ පාර, කඹුරාපොළ හන්දියේ දී ඊයේ රාත්‍රී සිදු කළ පරීක්ෂාවක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනූවයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සොයාගත් අතර, ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, සැකකරුගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 9ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරුගේ වයස අවුරුදු 27ක්.

    අත්අඩංගුවට ගත් හෙරොයින්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දොළහක් පමණ වෙයි. සැකකරු හා හෙරොයින් තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 07:50

    Latest News