'ජීවන් මල්ලී' කෝටි 5ක හෙරොයින් සමග STF අත්අඩංගුවට

අප්‍රේ 18, 2019

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා "ජීවන් මල්ලී" රුපියල් කෝටි 6කට අධික හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම හෙරෙයින් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි. මෙම සැකකරු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නමැති අය විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන තිබේ.

    Latest News