රු.කෝටියක හෙරොයින් සෙට්ටිකුලමදී අත්අඩංගුවට

දෙසැ 31, 2019

    රුපියල් කෝටියක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු වව්නියාව,සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදාව හා පොලීසිය එක්ව සෙට්ටිකුලම නගරයේ දී හදිසි මාර්ග බාධකයක් යොදා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පරීක්ෂා කිරීමේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සති දෙකකට පමණ පෙර දෝහා කටාර් සිට පැමිණ ඇති අතර මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිදිරි තරුණයෙකු බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 12:09

    Latest News