ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරිමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව සැප්තැම්බර් 23 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පලේයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සින්නයියා සිවරුබන් පිළිබඳව කළ විමර්ශන වලදි අනාවරණය වි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් රට ගැන සිතා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය තවමත් ඉවත් කර නැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් මස 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නේය.

නව ආණ්ඩුව සියලු අභියෝග ජයගනිමින්, රට ගොඩනංවන බව, හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Latest News