තනතුරු නොමැතිව රටට වැඩකරනවා - ගෝඨාභය (වීඩියෝ)

ඔක් 27, 2018
  • නව ආණ්ඩුව සියලු අභියෝග ජයගනිමින්, රට ගොඩනංවන බව, හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    අපි දැන් රට ගොඩනගන්න හොඳ අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවලා ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන්න ඕන...නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමග ආයෝජකයන්ට විශ්වාසයක් ගොඩනැගෙනවා...මම ආරාධනා කරනවා බය නැතිව ආයෝජනය කරළා රට ගොඩනගන්න එන්න කියලා...

    මම රජයේ සේවකයන්ගෙන් ඉල්ලනවා බය නැතිව ඉන්න, ගත්ත තීරණ ඒ අන්දමින්ම ක්‍රියාත්මක කරන්න..ජනතාව වෙනුවෙන් සේවය කරන්න කියලා...අපට තනතුරු අවශ්‍ය නැහැ දිවි හිමියෙන් රට වෙනුවෙන් සේවය කරනවා...තනතුරු නැතුවයි වැඩ කරන්නේ...

    මීට වඩා භයානක තත්වයන් යටතේයි අපි රජයන් භාර ගත්තේ...අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2005 දී මීට වඩා බරපතල අභියෝගයක් එක්ක රට භාරගත්තා...අපි හැමෝටම කියන්නේ..ආණ්ඩු කරපු රනිල් වික්‍රමසිංහ මහතාටත් අපි කියන්නේ පැත්තකට වෙලා ආණ්ඩුව කරන්න සහය දෙන්න කියලා...

    මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහය පළවෙනවා...මහින්ද රාජපක්ෂ කියන්නේ, මේ රටේ විසඳන්න බැරි ප්‍රශ්නයක් විසඳපු කෙනෙක්..

    Latest News