විපක්ෂ නායක මහින්ද හෝ ගෝඨාභය ඝාතන කතාව බොරුවක්

අගෝ 29, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පලේයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සින්නයියා සිවරුබන් පිළිබඳව කළ විමර්ශන වලදි අනාවරණය වි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් තොරතුරු හෙලිවි ඇති බවට වු පුවත්පත් වාර්තවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ දැක්වේ.

    යුද හමුදා නිළධාරින් විසින් පලේයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සින්නයියා සිවරුබන් මේ මස 18 වැනිදා අත්අඩංගුවට ගැනිමෙන් පසු යාපනය ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය වෙත භාර දි තිබේ. සැකකරුගෙන් ලද තොරතුරු අනුව අවස්ථා කිහිපයකදි තවත් පුද්ගලයින් 04ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    කොළඹ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිළධාරින් පිරිසක් විසින් මෙම සැකකරුවන් සම්බන්ධ වැඩි දුර පරික්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමට හැකි වුයේය. ටී. නිමලරාජ් සහ රූබන් ජතුසන් නැමැති දෙදෙනෙකු ඊයේ දිනයේ දි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට සැකකරුවන් 07 පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ උත්සහයක් සම්බන්ධයෙන් වු පාපොච්චාරනයක් කර ඇති බවට වන වාර්ත අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    Latest News