ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියෙක්: තානාපතිනිය තහවුරු කළා (විඩියෝ)

අගෝ 16, 2019
  • පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය තවමත් ඉවත් කර නැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

    උසස් පෙළ විභාගයට පෙනී සි‍ටිමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය. ඇමරිකානු තානාපතිනිය හමුවූ අවස්ථාවේදීය එවැන්නක් සිදු නොමැති බව ඇය කියා සිටි බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කළේය. පුරවැසිභාවය ඉවත් කළ ලැයිස්තුවේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවීම ද මේ තහවුරු තිබේ.

    ගෝඨාභය මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වූවත් ඔහුගේ පෙර වැරදි රැසක් ඇති බව ඔහු පෙන්වා පෙන්වා දුනී. තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දෙන බව රන්ජන් රාමනායක මහතා මෙහිදී කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 16:59

    Latest News