මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙය නිකුත් කර තිබේ.

අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබේ.

පළිබෝද නාශක රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් පළමු වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ලූණු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් නිකුත් කර තිබේ. නව මිල ගණන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Latest News