හදිසි නීතිය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක්

අප්‍රේ 02, 2022

    දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙය නිකුත් කර තිබේ.

    රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයැයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

    මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    මේ අතර ඊයේ මධ්‍යම (01) රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර අද උදෑසන 6.00 ට එය ඉවත් කෙරිණ.

    2273 86 S 1

    annousment

    Last modified on සෙනසුරාදා, 02 අප්‍රේල් 2022 10:43

    Latest News