පළිබෝදනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ ගැසට් නිවේදනය බල රහිත කෙරේ

නොවැ 23, 2021

    පළිබෝද නාශක රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් පළමු වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඔහුට එරෙහිව විනයානුකූලව පරීක්ෂණයක් පවත්වන බවයි, එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ, පළිබෝධ නාශක තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි. ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක 5ක් තහනම් කෙරුණේ, මීට වසර 7කට පෙරයි. එම තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    ඒ අනූව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු තනතුරෙන් ඉවත් කර ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News