කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

ඔක් 09, 2021

    කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් නිකුත් කර තිබේ. නව මිල ගණන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    කෙසේ වෙතත් පාලන මිල ඉවත් කර ඇති භාණ්ඩ අසාමාන්‍ය මිලකට අලෙවි වන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    මෙම භාණ්ඩවලට අදාළ පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඉකුත් 7 වැනිදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදීයි.

    එම භාණ්ඩවල හිඟයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් මෙලෙස පාලන මිල ඉවත් කෙරුණු බවයි, ප්‍රකාශ කෙරුණේ.

    කෙසේ වෙතත් කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ කුමන හේතුවක් මත හෝ අසාධාරණ මිල වැඩිවීමකට සහ භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙසයි.

    Gazet2

    Gazet2

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 10:43

    Latest News