මහවැලි සී සහ බී කලාප වාරි ජලයෙන් පෝෂණය කරන ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය - රත්කිද ජලාශයේ ජල මට්ටම අධික වර්ෂාව හේතුවෙන් සිග්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 7ක් ඊයේ 04 රාත්‍රියේ සිට මේ දක්වා විවෘත කර තිබේ.

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.

පවතින  වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.

අධික වර්ෂාවත් සමග  ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘතව පවතියි. 

පවතින වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු තවමත් විවෘතව පවතියි. කලාවැවේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයක දී කලාඔයට එක් කෙරෙන ජල ධාරිතාව ඝන අඩි 4200ක්. එමෙන්ම, රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු 8ක් තවමත් විවෘතව පවතියි.

කුරුණෑගල, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනය කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවමත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘතකර තිබේ.

Latest News