දිස්ත්‍රික්ක 3කට නාය අනතුරු ඇඟවීම්..ජලාශ 5ක වාන් දොරටු විවර කෙරේ

ඔක් 22, 2019

    කුරුණෑගල, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනය කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවමත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    නායයෑම් ලක්ෂණ දුටු විගස එම ප්‍රදේශයෙන් ඉවත් වෙන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දී තිබේ.

    මේ වන විට රාජාංගනය, අංගමුව, තබ්බෝබුව, කුකුළේ ගඟ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැඳුරු ඔයේ වාන් දොරටු තවමත් විවෘත කර තිබේ.

    වර්ෂාපතනයේ යම් අඩුවීමක් ඊයේ සිට අද උදෑසන දක්වා පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වයඹ, මධ්‍යම, බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසක වැසි තත්ත්වයක් දැඩිව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. අද දිනයේ ද සවස 1.00 පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බොහෝ දිස්ත්‍රික්කවල මිලි මීටර් 100 ඉක්මවූ වැසි මේ වන විට වාර්තා වී තිබේ. උතුරු,දකුණු හා ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතියි.

    එළුවන් කුලම මාර්ගය ජලයෙන් යටවී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 08:11

    Latest News