ජලාශ රැසක වාන් දමයි...මාර්ග රැසක් අවදානම්

දෙසැ 22, 2019

    අධික වර්ෂාවත් සමග  ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘතව පවතියි. 

    මහවැලි ගඟේ ජලය ඉහළ මට්ටමක පවතින අතර රාජාංගනය, ඉගිනිමිටිය, තබ්බෝව, අංගමුව, කලාවැව, දැදුරුඔය, අඹකොළවැව,කුඹුල්වානවැව,රඹුක්කන්ඔය, වෙහෙරගල ,මව්වාර, ලුණුගම්ඔය, මුරුතවෙල, උඩවලව, බෝවතැන්න, උල්හිටිය ජාලශ වන මේ වන විටත් වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පරාක්‍රම සමුද්‍රයෙත් වාන් දොරටු මේ වන විට විවෘතව පවතියි. 

    මේ වන විට පෙළොන්නරුව - මඩකලපු මාර්ගයේ ගල්ලෑල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් ජලයෙන් යටව පවතියි. එමෙන්ම බදුල්ල,පස්සර - ලුණුගල හරහා බිබිල මාර්ගයත්, මීමුරය මාර්ගය මේ වන විට වසා තිබේ. සෝමාවතිය මාර්ගය, පුත්තලම - මන්නාරම,ඒ 9 මාර්ගය තවමත් අවහිරයි.

    එමෙන්ම ඇල්ලල - වැල්ලවාය, ඇල්ල - බණ්ඩාරවෙළ මාර්ගය , බණ්ඩාරවෙළ - බදුල්ල මාර්ගය, බදුල්ල - මහියංගනය මාර්ගය,බදුල්ල - වැලිමඩ මාර්ගය, බණ්ඩාරවෙල - වැලිමඩ මාර්ගය අවධානම් මාර්ග ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ සෙංගල් ඔයේ සොරොව්වක් කඩා යැමෙන් අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටව ගොස් තිබේ. සැර ජල පහරවල්, වැව් බැමි හා පාලම් මතින් ගමන් නොකරන ලෙසත් මෙම ජලය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසටත්, විනෝද චාරිකා යෑමේ දී වඩාත් සැලකිලිමත් වෙන ලෙසත් ජනතාවට දැනුම් දෙයි. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාන රැසක ජනතාව මේ වන විටත් ඉවත් කර තිබේ.

     

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 09:47

    Latest News