උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ

ජන 05, 2021

    මහවැලි සී සහ බී කලාප වාරි ජලයෙන් පෝෂණය කරන ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය - රත්කිද ජලාශයේ ජල මට්ටම අධික වර්ෂාව හේතුවෙන් සිග්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 7ක් ඊයේ 04 රාත්‍රියේ සිට මේ දක්වා විවෘත කර තිබේ.

    මූදූ මට්ටමේ සිට මීටර 106.50 ඉක්මවූ පසු වාන් දැමිම සිදුකරයි.

    ජලාශයේ වාන් දොරටු හතක් තිබේ. වාන් දොරටු හයක් අගල් 04 බැගින් සහ එක් දොරටුවක් අගල් 12 බැගින් ජලය මූදාහැරීම සිදුකරන අතර ජලය මුදාහැරීමේ වේගය තත්පරයට ගණමීටර් 30කි.

    මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය ජලාශයට එකතුවීම නිසා වාන් දොරටු විවෘත කර වාන් දොරටු වලින් පිට කරන ජලය උල්හිටිය ඔයට මුදාහැරීම හේතුවෙන් රත්කිද - හොබරියාව ප්‍රධාන මාර්ගය හරහා උල්හිටිය ඔයට දමා ඇති පාලම යටවී මෙන් ගම්මාන කිහිපයක ගමනාගමනය අඩාවී තිබේ.

    උල්හිටිය ඔය දෙපස පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින ලෙස සහ ඔයදෙපස ගවයින් ඉවත් කර ගන්නා ලෙස ජලාශයේ නේවාසික කාර්මික නිලධාරි දීප්ත චන්දන ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

    Latest News