ජලාශ රැසක වාන් දොරටු තවමත් විවෘතයි

දෙසැ 07, 2019

    පවතින වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු තවමත් විවෘතව පවතියි. කලාවැවේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයක දී කලාඔයට එක් කෙරෙන ජල ධාරිතාව ඝන අඩි 4200ක්. එමෙන්ම, රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු 8ක් තවමත් විවෘතව පවතියි.

    රාජංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු වාන් දමන ආකාරය ඡායාරූප ගත කිරීමට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විටත් දැනුම්දීම් නොතකා විශාල පිරිසක් එලෙස ඡායාරූප ගැනීමට පැමිණෙන බවයි පොලීසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 09:36

    Latest News