ජෛව විද්‍යාත්මක පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර

ජූනි 07, 2021

    කැළණිය, ගෝනවල පිහිටි ජෛව ජනනන හරිත තාක්‍ෂණ පර්යේෂණායතනයේ ජෛව විද්‍යාත්මක පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    රාජ්‍ය කාබනික පොහොර ප්‍රතිපත්තියට තම සහය පළ කරන බව පර්යේෂණායතනය පවසයි. ඒ යටතේ තාක්‍ෂණික සහය හා පොහොර සැපයීමට නියමිතයි. මෙම ආයතනය කාබනික පොහොර සම්බන්ධයෙන් වසර 15ක පමණ සිට පර්යේෂණ සිදු කරයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවීන් භාවිත කොට පූර්ණ පරිසර හිතකාමී ස්වභාවික සංයෝගයක් සකස් කොට දේශීය කෘෂි කර්මාන්තයට අවශ්‍ය නිෂ්පාදන එළිදක්වා තිබේ. රසායනික පොහොරවලට ආදේශක ලෙස ඝන පොහොර, ජෛව දියර පොහොර, පාංශු සත්කාරක, කෘෂි විකර්ශක හා දිලීර පොහොර යනාදී නිෂ්පාදන මේ වනවිට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

    ඒවායේ ප්‍රමුඛ ලක්‍ෂණය වන්නේ, භාවිත කරන මුල් අවස්ථාවේ සිට වැඩි අස්වැන්නක් ලැබීමයි. මෙම ආයතනයේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ සහ සීතා අරඹේපොළ යන මහත්ම, මහත්මීන් අද එහි ගොස් තිබේ. ඉදිරියේ දී පර්යේෂණ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට ද නියමිතයි.

    Latest News