වී සඳහා පොහොර සහනාධාරය තවදුරටත් (වීඩියෝ)

පෙබ 03, 2021
  • වී සදහා පොහොර සහනාධාරය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    සෙසු බෝග සඳහා නිශ්චය කරනු ලබන ප්‍රමාණයක් යටත්ව පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ....

    ආණ්ඩුව විසින් ලබා දුන්න සහනාධාරය විවිධ ආයතන විසින් මේ ගොවියාට ලබාදුන්න සහනාධාර අයථා ලෙස භාවිතා කරනවා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. වී ගොවීන් සඳහා ලබාදෙන සහනාධාරය ඒ ආකාරයෙන් ලබා දීමටත් ඒ වගේම හෙක්ටෙයාර් පහක් දක්වා අනෙකුත් ගොවීන්ට ඒ සහනාධාරය ඒ ආකාරයෙන්ම ලබා දෙන්න.

    Latest News