උතුරේ අක්කර ලක්ෂ 3ක් කාබනික පොහොරෙන් වගා අරඹයි

අගෝ 07, 2021

    උතුරු පළාතේ අක්කර ලක්ෂ 3ක් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ සඳහා ගොවි සංවිධාන ඒකක රුපියල් ලක්ෂ 3ක මූල්‍යාධාර සැපයීමට නියමිතයි. ලබන කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් අක්කර දෙලක්ෂ 50,000 වී වගා කිරීමටත්, අක්කර 50,000ක අතුරු බෝග වගා කිරීමටත් සැලසුම් කර තිබේ.

    උතුරු පළාතේ සෑම ගොවි සංවිධානයකින්ම කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 10 බැගින් නිෂ්පාදනය කිරීමටයි,සැලසුම් කර ඇත්තේ.

    ගම් මට්ටමින් එක් පවුලක් සඳහා කබනික පොහොර සකසා ගැනීමට රුපියල් 5,000ක මූල්‍යාධාර ලබා දෙන බවයි උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුල සේන මහතා පවසන්නේ.

    Latest News