කින්නියා,අල්අක්සා පාසල පාර ප්‍රදේශයේ දී පුපුරණද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වෙයි.

ඉකුත් දින 24 තුළ ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය 736ක් පොලිස් බාරයට ගෙන ඇතැයි, පොලිස් මුලස්ථානය පවසයි. පසුගිය 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ වැටලිම්වලදී අත්අඩංගුවට ගත් ගිනි අවි සංඛ්‍යාව 12ක්.

මුලතිව්,සිලාවත්ත ප්‍රදේශයෙ පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කරනු ලබන පුද්ගලයෙකු රැගෙන පැමිණි මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සහ කිරීමේ දී පුපුරා යෑමෙන් ඔහු බරපතල තුවාල ලබා මාංචෝලේ රෝහලට ඇතුළත් කර තිබේ.

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ග‍ලයෙකු පොලිස් විශේෂ කාර්ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේසිදු කළ සෝදිසි කිරීමක දි පොලිස් නිළධාරීන් විසින් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.  

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් සහ ඩෙටනේටර් 100ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත් විය.

Latest News