සඟවාතිබූ පුපුරණ ද්‍රව්‍ය සමග පීඩන බෝම්බයක් එළියට (ඡායාරූප)

පෙබ 07, 2019

    ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේසිදු කළ සෝදිසි කිරීමක දි පොලිස් නිළධාරීන් විසින් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.  

    එහිදී,විදුලි නොවන ඩෙටනේටර්14 ක්වෝටර් ජෙල් කූරු 03 ක්, චාර්ජස් 04 ක් සහ අඩි 1 ½ දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක්  සොයා ගන්නාලද අතරඑම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රිකුණාමලයපොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ.  

    එමෙන්ම, එම විධානයටම අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 06)‍පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මළ බඳින ලද පීඩන බෝම්බයක් සොයා ගන්නා ලද අතර, සොයා ගන්නා ලද බෝම්බය ආරක්‍ෂිතව ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය වෙත රැගෙන ගොස් නිෂ්ක්‍රියකිරීමට කටයුතු කරන ලදී.

    Bomb2 900px 19 02 07

    Bomb 900px 19 02 07

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 09:29

    Latest News