පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට (විඩියෝ)

ජන 17, 2019
  • පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් සහ ඩෙටනේටර් 100ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අද පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ කළ පරීක්‍ෂණයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකිවී ඇත.

    පුපුරණ ද්‍රව්‍ය වර්ගය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 20:35

    Latest News